ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය.
තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව කී විමල් වීරවංශ මහතා තම පක්ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වන බව පැවසීය.
ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බවද වීරවංශ මහතා කීය.