කොළඹ ග්රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්රදේශයේදී ඊයේ (17) රාත්රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය කීය.
ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම කර පලාගොස් ඇති අතර වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.