වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් රුපියල් 50,000 අල්ල් මුදලක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ මර්දන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටුවාන රජයේ නිල නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටින 55 හැවිරිදි තක්සේරු නිලධාරිනියකි.
තක්සේරු වාර්තාවකට ගෙවිය යුතු මුද්දර ගාස්තුව අඩුවන පදිරි තක්සේරු වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් සැකකාර නිලධාරිනිය මෙම රුපියල් 50,000 අල්ලස් මුදල ඊයේ (17) හවස ලබාගෙන ඇති බව සඳහන් වේ.
වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම තක්සේරු නිලධාරීනිය මෙන්ම තවත් තක්සේරු නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ ආකාරයෙන්ම ලේඛනවල වටිනාකම වෙනස් කර මුද්දර ගාස්තු අඩුකර තක්සේරු වාර්තා සකසා දීම සඳහා දිගින් දිගටම කටයුතු කරන බවටත්, මෙලෙස අල්ලස් ගැනීම දෛනිකව සිදුවන බවටත්, තොරතුරු වාර්තා වී ඇත.
සැකකාර කාන්තාව කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත භාර දී ඇති අතර අද (18) කුරුණෑගල මහෙස්ත්රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබේ.