වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“වන සත්ව සංගණනය ගැන අද කතා කරන්න වෙනවා. ඒ සංගණනය විධිමත් විය යුතුය.මේ සංගණනයේ විධිමත් බවක් අප දකින්නේ නෑ.බහුවිද රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙය කළ යුතුයි.
ඒ නිසා මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග නෑ .ඒවා විහිළුවට ලක්වන්නේ සංගණන සංගණනය කිරීමේ ක්‍රම අවිධිමත් ලෙස ඉදිරිපත් කරන විටයි.නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් දත්ත කේන්ද්‍රීයව එය කළ යුතුයි.නමුත් විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.