බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඒ අයට නව නිවාස සාදා දීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මීරියබැද්ද මෙන් පොළොවේ වැළලීමට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය.
මධ්‍යම කඳුකරය මහලු කඳුකරයක් බවට පත්වෙමින් තිබෙනවා. රන් රන්දෙණිගල ජලාශය මඩවලින් පිරිලා. රන්ටැඹේ ජලාශයේ සියයට 65ක් රොන් මඩ වලින් පිරිලා. පුහුල්පොළ ජලාශය මඩවලින් පිරිලා.
මධ්යමක් කඳුකරය නාය යෑම්වලට ගොදුරු වෙලා තියෙනවා. අපේ ප්‍රදේශවල පවුල් 2219ක් අධි නායයෑම් අවදානම් ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ අයට ගෙවල් හදලා දෙන්න අපි තීන්දු කළා. වතු ප්‍රජාවට අයත් නොවන තවත් 1815ක් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වෙනවා. මේවට දැන් පියවරක් ගන්න ඕන. මීරියබැද්ද වගේ වැළලෙන්න ඉඩ දෙන්න බැහැ. ජල මූලාශ්‍ර සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.