මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය.
මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74) යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි.
සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන් දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ සහෝදරියද ඝාතනය කළ බවත් දැරිය ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.
පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන දැරියගේ මව එම අවස්ථාවේ මුතූර් මූලික රෝහලේ රාත්‍රි රාජකාරි යෙදි සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මාර්තු 24දාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරුරු ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසද පොලිසියට නියම කළේ ය.