පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ කොස්තාපල් වරයෙකි.
විදේශගත වීමට සූදානමින් සිටින පුද්ගලයකු විසින් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා අනතුරුව එය 1500ක් දක්වා අඩුකර එම ප්රදේශයේ දේවස්ථානයක් තුළදී මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.