හැටන් වටවල ප්රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය දක්වනු ලැබුහ.
එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බව ඔවුහු කියා සිටියහ.
ගවයන් ප්රවාහනය කිරිමට 12 වන දින ලබාගත් බලපත්රයක දිනය සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්රවාහනය කිරිමට කටයුතු කර ඇති බව විරෝධතාකරුවෝ කීහ.