ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 20 කනුව ප්‍රදේශයේ දී ඊයේ (14) අලුයම නාය යාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
වැස්සත් නොමැතිව මෙසේ ඊයේ (14) අලුයම විශාල පස්කන්දක් ගස් කොලන්, ගල්පර්වත සමග කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය .
මාර්ගයට කඩා වැටී ඇති පස්කඳු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය .