නාවුල සහ බකමූණේ ස්ථාන දෙකක සිදු වූ රිය අනතුරු දෙකකින් සිවු දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයක් යෝධ ඇළට පෙරළීමෙන් එහි රියදුරු හා කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූ තවත් කාන්තාවක දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර නාඋල – බකමූණ මාර්ගයේ මොරගහකන්දේදී කුඩා ලොරි රථයක් තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවත් කෝන්ගහවෙල ප්රදේශයේ පැවති අවමඟුලකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.