කොළඹ – මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් මෝදර ප්‍රදේශයේ සිට බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්යක්ෂවරයාට සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ගම්පහ වැඩ බලන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ උපදෙස් පරිදි යක්කල ප්‍රදේශයේදී ඊයේ (9) උද මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.
බීඩි කොළ තොගයෙහි වටිනාකම රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයක් පමණ වන බවද පොලිසිය සදහන් කරයි.