නිකවැරටිය මූලස්ථාන පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
රස්නායකපුර පොලිස් වසමේ සිදුවූ හරක් සොරකම් දෙකක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මොහු අත්අඩංගුවට ගිය අවස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට මොහු පොලීසියට අල්ලස් දීමට උත්සාහ කර ඇති බවද.පොලීසිය පවසයි.
ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පොලිස් නිලධාරින්ට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් මෙලෙස අල්ලස් දීමට කතා කර ඇති බවද , පොලීසිය සඳහන් කරයි.