අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පැවැසීය.
ඔහු ඒ බව පැවැසූවේ මෝදර දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීත්‍යාණුකූල ලෙස එම වැටලීම සිදුකළේ නම් හිටපු පොලිස්පති දේශබන්දුට සැඟවී සිටීමට හේතුවක් නොමැති බවත් වත්මන් රජයට ඔහු ලොක්කකු නොවන බවත්ය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශාල දේපොළ ප්‍රමාණයක් ඇති බවත් ඒවා කෙසේ උපයා ගත්තේද යන්න තමා නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.