බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර දහයක් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවෙක් ගල්කිරියාගම ප්රදේශයේ දුම්කොළ හේනක සැඟවී සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිරියාගම ප්රදේශයේ පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙකි. මීට වසර දහයකට පෙර සැකකරු බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.