පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.
ගින්න පළමු මහලේ සිට සිව්වන මහල දක්වා පැතිර ගොස් ඇතැයි ද පොලිසිය සඳහන්කරයි.
.ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් , කොටුව උප ඒකකයෙක් ගිනි වෙන රථයක් , එම ගොඩනැගිල්ලේ ඇතුළත පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන් ගලවා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සවි කරන ලද රථයක්ද එම ස්ථානයට යොමු කළ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.