පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වු බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සිද්ධිය ඉකුත් දෙසැම්බර් මස 13 වෙනි දින සිදුකර තිබිණි.
එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරු විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.