වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය.
වසර හතරක් තිස්සේ අධිකරණය මග හැර සිටියේ යැයි කියන නාවල පුද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් වන රිසා ගුණසේකර සහ අයි .ඩබ්ලිව් ගුණසේකර වග උත්තරකාරුවන්ට මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්රාත්වරයා වරෙන්තු ලද වග උත්තරකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙසටද නියෝග කළේය.
සැකකාරියට රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්රාත්වරයා ඇපකරුවන් එකම ලිපිනයේ වසර තිහක් පදිංචිව සිටින පුද්ගලයන් විය යුතු බවත්,වග උත්තරකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.
වග උත්තරකාර සමාගම 2009-2010 වසර සඳහා නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් 19227332.00 වැට් බදු මුදල අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2020 වසරේ පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.