සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යුනෙස්කෝ සංවිධානය විසින් සාමාජික රාජ්‍යයන්හි නිර්මාණය කරනු ලබන සංස්කෘතික ප්‍රකාශන වල විවිධත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය අරමුණු කොට ගත් සම්මුතියක් 2005-10-20 දින සම්මත කර ඇති අතර, එම සම්මුතිය 2007-03-10 දින සිට බලාත්මක වී තිබේ.
එම සම්මුතිය මේ වන විට සාමාජික රාජ්‍යයන් 156 ක් විසින් අපරානුමත කර ඇත. එකී සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා 2024-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එම සම්මුතිය අපරානුමත කර නොමැත.
ඒ අනුව, සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය අපේක්ෂාවෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.