මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා ආපන ශාලාවේ සේවකයෙකි.
හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ගැටුම සිදුවු ආපන ශාලාවේ සිටියදි රාත්‍රි ආහාර ගනිමින් සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සමග බහින් බස් විමක් දුරදිග ගොස් පහර දිමක් සිදුව ඇති බව පොලිසිය කියයි.
පසුව එම ස්ථානයට පැමිණි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාටද පහරදි තිබේ.එම සිද්ධියෙන් තුවාල ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවාත් ආපන ශාලාවේ සේවකයාත් මිහින්තලය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.