ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (01) අල්ලස් දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකි.
පුද්ගලයෙකු විසින් කොළ මඩින යන්ත්‍රයක් යකඩ සදහා ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරිමේදි ඇතිවු ගැටුමක් සමථයට පත්කිරිම සදහා එම ව්‍යාපාරිකයා ගෙන් රැපියල් තිස් දහසක මුදලක් ලබාගැනිමට උත්සහ කළ අවස්ථාවේදි අල්ලස් දුෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරින් විසින් මෙම පොලිස් නිලධාරින් දෙදෙනා ගල්නෑව නගරයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.