සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඝාතනය මෙහෙයවීම සඳහා සිම්පත් ලබා දී ඇති බව අනාවරණය වී ඇත.
මේවන විට දොළොස් දෙනෙකු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.