වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැතිනම් වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් බොරු කියන බවද මන්ත්‍රීවරයා කීය.
“වර්තමානයේ ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය සමඟ බැඳී පවතිනවා.තිරසර සංවර්ධනයක් නැති තැන ජාතික ආරක්ෂාවක් නෑ.වඳුරෙක් රිලවෙක් පැන්නාම රටේම ලයිට් යනවා නම් ජාතික ආරක්ෂාව ගැන වෙනම කතා කරල වැඩක් නෑ.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරු ගැන අදටත් කතා කරනවා.එදා පාස්කු ප්‍රහාරයට කලින් බුදු පිළිම කැඩුවා,විවිධ ඝාතන සිදු වුණා. එකල ආණ්ඩුව පැවසූයේ ඒවා හුදෙකලා සිද්ධි ලෙසයි.එදා සිද්ධි දාමයේ බැඳීම් අධ්‍යයනය කළා නම් පාස්කු ප්‍රහාරයේ වලක්වා ගන්න තිබුණා.අවසානයේ ජාතික ආරක්ෂාව කඩා වැටුණා. අද වන සිද්ධිත් හුදෙකලා සිද්ධි ලෙස දකින්න එපා.එන හැමදේටම පහුගිය ආණ්ඩු වලට ඇඟිල්ල දිගු කරන්න එපා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.