අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.
ජාතික ජන බලවේග රජය යටි බිම් ගත අපරාධ රාජ්‍ය සමඟ හැප්පී එය අවසන් කරන බවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වීමට සිදුවන බවටත් මතයක් සමාජ ගත කරමින් තිබුණා.
අපි ජනපතිවරණය ජයගත් පසුව මහ මැතිවරණයේදී ආණ්ඩුවක් හදන බවට විපක්ෂය මතයක් ගෙන ගියා.නමුත් මහ මැතිවරණයේදී වුනේ කුමක්ද?අපට වඩාත් ප්‍රබල ජයක් ලැබුණා.