බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්රදේශයේ ඊයේ (27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය.
පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි.
මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.