ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත” සහ “සනත් බාලසූරිය” යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බව සඳහන් විය.
මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබුණි.
මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.