වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (25) පැවසීය.
වර්ෂාව අධික කාලයේදී තාප විදුලිබලාගාර නවත්වා හැකි උපරිමයෙන් ජල විදුලිය ජනනය කළ ද මේ අවස්ථාවේදී පවතින ජලය ආරක්ෂා කිරීමට පිළිබඳව අවදානය යොමුකර ඇති බව කී විමලරත්න මහතා ලබන අප්‍රේල් හෝ මැයි කාලය තුළ නැවත වර්ෂාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පුරෝකථනය කර අවශ්‍ය සැළසුම් සකස් කර තිබූ බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී කළමණාකරණය පහසුවනු ඇති බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂා කාලයේදී විදුලි ඉල්ලුමෙන් සියයට 60 කට අධික ප්‍රමාණයක් ජලයෙන් නිෂ්පාදනය කරයි.