පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි මුල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්රාර්වරයාට ඊයේ නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් කොළඹ මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කළ පැමිණිල්ලකට අනුව එලෙස නියෝග කළේය.
‘පොද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසුරිය’ නමැත්තන්ගේ මුහුණු පොත් මඟින් පසුගිය 21 වැනිදා මුහුණු පොතේ සිට සංසරණය වන සටහනක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.ඒ.අයි. රංජිත් මහතා මෙම පැමිණිල්ල කර ඇත.
‘පොද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසුරිය’ නමැත්තන්ගේ මුහුණු පොතේ තබා ඇති සටහන් අනුව අධිකරණයට අපහාසයක් වී ඇති බවට තමාට හැඟී යන බව සඳහන් කරමින් ප්‍රධාන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම පැමිණිල්ල කර ඇත.