මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (24) අවසර ලබා දුන්නාය.
මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නැමති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.
මාලබේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවා දායකයා පලායාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේදී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.