ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය ජනවාරි 09 දින ලබා දුන් මාස නවයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නානසාර හිමියන්ට නියම කොට ඇත.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිර දඬුවම ජනවාරි 9වෙනි නිකුත් කළඅතර ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙසේ මහා අධිකරණයට ප්රතිශෝධන අය දුම් පත්‍රය ගොනුකොට තිබිණි.