කොටහේන ප්රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ අවසර ලබා දුන්නාය.
කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරු මෙසේ රඳවා ප්රශ්න කිරීමට නියෝග කෙරිණි.
කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ සැකකරු ත්රස්තවාදය වැළැක්වීමේ පනත ප්රකාරව රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්රශ්න කරන බවය.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට ගිනි අවිය ලබාදීම මෙම සැකකරු විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.