කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්රී තැපැල් දුම්රිය ඊයේ (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සවස 6.55 ට මොරටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන කන්කසන්තුරේ රාත්රී තැපැල් දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත දුම්රිය ස්ථානවල නතර කර කොටුව දුම්රිය ස්ථානයට ළඟාවී රාත්රී 8.00 කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.