නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය.
ජාතික පද්ධතියෙ පසුගිය 9 දින සිදුවු බිද වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවති ජනන යන්ත්‍ර තුනම නැවති යාමත් සමග රටපුරා විදුලිය කැපිමකට සිදුවිය.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීන්ගේ මැදිහත් විමේන් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවෝ මහත් වෙහෙසක ගෙන දින කිපයකදී ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහ.
එහිදි අධියර තුන යටතේ ආරම්භ කළ ජනන යන්ත්‍රය 13 දින සවස සිට යලි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමන ජාතික පද්ධතියට ලබා දීමට හැකිවු බව එම නිලධාරියා පැවැසීය.
ඒ අනුව මෙම තුන්වන ජනන යන්ත්‍රය මගින් මෙගාවෝට් 300 කට ආසන්න විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදු වෙයි.