ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය.
ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි.
අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් ඩොජ් ආයතනය පැවැසුවේය.
මෙලෙස ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් යෙදවීම නාස්තියක් ලෙස සැලකෙන ව්‍යාපෘති 199 නතර කිරීමට ඩොලර් මිලියන 250 ඉතිරි වන බවද ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය.