රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති.
විදුලිය බිල සැලකිය යුතු අඩු කළත් බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවමත් එලෙසම පවතින බවද ඔවුහු පවසති.
විදුලිය මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනයක් කරන කරන ලෙසට බලපෑම් කරන්නැයි පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සංශෝධනය නොකිරීමෙන් ජීවන වියදම තවත් උග්‍ර වී ඇතැයි ජනතාව පෙන්වා දෙති.
ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට විස්සකින්ද කර්මාන්තශාලාවල විදුලිය බිල සියයට තිහකින්ද පසුගිය ජනවාරියේදී අඩු කෙරිණ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව රජය මෙම පියවර ගත්තේය.