පිටකොටුව ප්රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කුරුණෑගල දිස්ත්රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා කළ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය.
කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ මහව යන ප්රදේශවල මෙම වැටලීම් කළ බවත් එහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 270 වැනි මිල ගණන්වලට අළෙවිකරණ කළ වෙළදුන් හසුවූ බත් එම අධිකාරිය සඳහන් කළේය.