ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.
එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.