ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකදී තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය එසේ පැවසුවාය.
සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා සමග පැවති එම නිල සාකච්ඡාවට, ඉන්දු පැසිපික් කලාපීය සම්බන්ධීකාරක ජස්ටින් ආර්. බික්ලෙ මහතා සහ ඉන්දු පැසිෆික් කලාපීය විශේෂඥ ජීවිකා ආරච්චි මහත්මිය ද එක්වූහ.
සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබව සැකවින් විමසූ තානාපතිනිය, බිමල් රත්නායක අමාත්‍යතුමා අමාත්‍ය ධූරය දරණ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ද පැවසුවාය.