රටේ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බවද එම පක්ෂය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.
සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන බවත් හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බවත් ඔහු චෝදනා ක රයි.
නාමල් රාජපක්ෂ මහතා කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කර ඇති අතර එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.