කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී , ශ්රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසියට අද (10 ) අලුයම භාර දී තිබේ .
අද අලුයම 03.15 ට පමණ මෙම උණඩය ශ්රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයා ගෙන තිබූ අතර , පසුව ඇය විසින් එම උණඩය ශ්රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ .
ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර , මෙම ඒය සොයා ගත් ශ්රී ලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ .
මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ .