වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා ඊයේ (7) පැවසීය.
වී ගබඩා 40 කට අධික සංඛ්‍යාවක් වී මිලදීගැනීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවත් අස්වැන්න නෙළීම ඉහළයත්ම රජයේ කොටස ගොවි ජනතාව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා කීය.
රජය ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා වී සහ සහල් පිළිබඳ සියලුම අංශවලින් කළ අධ්‍යයනයකින් පසුව වී මිල තීරණය කිරීම හේතුවෙන් සහල් සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.