රාගම, තලගොල්ල ප්රදේශයේ නිවසක කාන්තාවක ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි .
මරණකාරිය වයස අවුරුදු 76 ක් වූ තලගොල්ල, රාගම ප්රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇත.
පසුව නැවත නිවසට පැමිණ ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේදී ඝාතනය කර ඇති බවට නිරීක්ෂණය වී ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.