කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස ඊයේ (3) විවෘත කළේය.
කොළඹ වරායේ බහාලුම් තදබදය පසුගිය සති කිහිපයේ රටේ වඩාත් අවදානය යොමුවූ ගැටලුවක් විය. බහාලුම් 300 කට ආසන්න ප්රමාණයක් නිසි පරිදි පරීක්ෂණ කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගතවීමෙන් තදබදය ඉහළ ගියේය.
එම ගැටලුවට සෘජුව මැදිහත් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත වරාය සීමාවෙන් පිට බ්ලූමැන්ඩල් ඉඩමේ අක්කර 5 ක ප්රමාණයෙන් 2.5 ක කොටසක් නිසිපරිදි සකස් කර කෙටි කාලීන විසඳුමක් ලෙස ජනවාරි මස අවසන් වන විට රේගුවට භාර දීමට තීරණය කළේය.
වරාය අධිකාරියේ සභාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්රකාශ කළේ වහාම ක්රියාත්මකව මහත් වෙහෙසක් දරා මෙම අංගනය සූදානම් කළ ද බහලුම් තදබදය නැතිකිරීමේ ඉතිරි කටයුතු සියල්ල ශ්රී ලංකා රේගුව මත පැවරී ඇති බවයි.