ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සංචාරය කළේ සිය නිල මෝටර් රථයෙන් බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් භාවිත කළැයි පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ යැයිද එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නැතැයිද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.