ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය විය.
මෙම සිද්ධිය පිළිබඳව හෙළි වීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මවුලර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්මාපලගම යන මහත්වරුන් ප්රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයෙදී මේ බව හෙළි විය.
වේයන්ගොඩ දිසා ආහාර ගබඩාව තුළ තිබී හමුවු මෙම ආහාර ද්‍රව්‍ය මේ වන විට මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පවතින බව පෙනී යන නිසා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ
.023 වසරේ මෙම ගබඩාවට ගෙන එන ලද මෙම ආහාර ද්‍රව්‍ය වලින් යම්කිසි ප්‍රමාණයක් ඒ ඒ අවස්ථාවන්හිදී පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දීමට පියවර ගෙන ඇතැයිද පාසල් නිවාඩු කාලය එළඹීමෙන් පසු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම වැළකී ඇති බවද මෙහිදී නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් පරිප්පු සහ රට ඉඳි කිලෝ මෙට්‍රික් ටොන් 1556 ක් මේ වන විට ගබඩාවේ පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා හා මන්ත්‍රීවරයා ලේඛන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගනු ලැබීය.
ෙමෙම ආහාර තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරීමටද නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම පියවර ගත්හ.