හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වායු පීඩන යන්ත්රයක් කැන්ටර් වර්ගයේ ලොරි රථ ත්රී රෝද රථයක් ඇතුළු උපකරණ රාශියක් සමග ඊයේ සවස අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි .
සැකකරුවන් ඇඹිලිපිටිය, බුලත්සිංහල, ගෝවින්න, රැටියල,කොබවකුත් යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි .
හොරණ පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් පුද්ගලික ඔත්තු කරුවන් කිලෝමීටරයක පමණ වපසරියක් වටා යොදා ගනිමින් ඉතා සූක්ෂම අයුරින් මෙම කැණීම සිදුකර ඇති අතර ඔවුන් දින කිහිපයක් තිස්සේ මෙම කැණීම සිදුකරමින් සිට ඇති බවත් අත්අඩංගුවට ගත් දින කැණීම් සිදුකර අවසන් අදියරේ තිබූ බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත .