රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම – පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සමග කැඩි යෑම හේතුවෙන් එම මාර්ගයේ මගී ප්රවාහන බස් රථ ඇතුළු වාහන ගමනාගමන නතර වී ඇති බව ගම්වැසියෝ පවසති.
ප්රදේශවාසීන් චෝදනා කර සිටින්නේ රුපියල් කෝටි පහක මුදලක් වැයකර ඉදිකල මාර්ගයේ මාස හයක් යැමට පෙර වාහන ගමනාගමන නතර වු බවයි.
ඇළ මාර්ගයක් හරහා බෝක්කුවක් ඉදි නොකරන කාපටි දැමිමත් නතර කර එම ස්ථානයට ප්රමිතියකින් තොරව කොන්ක්රීට් දැමිම හේතුවෙන් වර්ෂාවත් සමඟ අඩි සියයක් දුරට කොන්ක්රීට් කොටස ගැලවි ගොස් තිබෙන බවට ජනතාව පෙන්වා දෙති.
මේ හේතුවෙන් බලංගොඩ පිඬලිගන්නාවෙල ,සහ බලංගොඩ මද්දෙගම බස් රථ ධාවන නතර විමත් සමග පාසල් දරුවන් විශාල ප්රමාණයක් සහ ජනතාව ප්රවාහනය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව ජනතාව පෙන්වා දෙති.