ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මත හිටපු කළමනාකාර අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරනු ලැබීය.
සැකකාර සැකකරු මාලඹේ ඉසුරුපුර පදිංචිකරුවෙකි.