චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත.
හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, “ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න” යැයි සේවකයන්ට දැනුම් දී ඇත.
තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි