දෙමළ ජාතික සන්ධානයේ ප්රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්රාප්ත විය .
මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) රාත්රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්රියාකාරීහුද දැනුම් දී සිටියහ.