ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය.
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සතුට පළ කළ ඇමරිකා තානාපතිනිය එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය.
COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා ඇමරිකානු රජය විසින් ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.